එවැනි වැඩකරන්නට පැමිණි උදවියට උත්තර ලැබුණු හැටි ලෝකයටම ප්‍රදර්ශනය වූ බවත්, රට බෙදීමට පැමිණ ප්‍රභාකරන්ට සිදුවුණුදේ ද ලෝකයම දන්නා බවත් ඔහු සිහිපත් කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානය ආරක්ෂක අංශ විසින් භෞතිකව පරාජය කළද එහි යටිකූට්ටු වැඩ කළ අය, බුද්ධි අංශවල වැඩ කළ අය රට අභ්‍යන්තරයේත් ඉන් පිටතත් සිට බෙදුම්වාදය වෙනුවෙන් කටයුතු කරන බව හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.
උතුරේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් කුල්මත් වී බෙදුම්වාදය ට යමෙක් ඉදිරිපත් වේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කර සිටියේය.මේ දින වල ඡන්ද ප්‍රතිඵලයෙන් කුල්මත් වූ කණ්ඩායමක් ඒ අයට අවශ්‍ය වෙනම රාජ්‍යයක් ලැබුණු බව සිතා අනුවණ ආකාරයෙන් කටයුතු කිරීමට සැරසෙමින් හමුදාව පෙළඹවීමට එන්නේ නම් ඔවුන්ට දැඩි දඬුවම් දීමටත්,ඒ අනුව ක්‍රියාකිරීමටත් සිදු වනු ඇති බව ද හමුදාපතිවරයා කියා සිටියේය. ( අද දෙරණ පුවතකි)

No comments:
Post a Comment